මහ/ රාජසිංහ ජාතික පාසල

පාසලේ ඉතිහාසය

දෙවන වාර පරීක්ෂණය 2024.10.14 දින ආරම්භ වේ.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පන්විල නගරයේ වර්තමාන විග්නේෂ්වරා දෙමළ මහා විද්‍යාලය පිහිටි භූමියේ වර්ෂ 1907 සැප්තැම්බර් මස 05 වෙනි දින සිසුන් 107 දෙනෙකුගෙන් ආරම්භකරන ලද මෙම විද්‍යාලය “ පන්විල පිරිමි පාඨශාලාව” නමින් හැදින්විණි.පහල බාලාංශය සහ දෙවන පන්තිය යන පන්ති තුනකට සීමාවූ මෙම පාසලේ,ශිෂ්‍ය ගුරු මහතුන් දෙදෙනෙකුගේ සහය ඇතිව ඒ.එච්.රුද්‍රිගු මහතා මුල් ගුරු පදවිය හෙබවීය. ඉන් පසු මුල් ගුරු තනතුරට පත්වූ යූ.බී.විජේරත්න මහතාගේ සමයේදී ශිෂ්‍ය සංඛයාව 395 දක්වාත් ගුරු මණ්ඩලය 09 දෙනෙකු දක්වාත් වැඩිවූ බැවින් ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුකොට ගෙන “පන්විල පිරිමි පාඨෂාලාව” වර්ෂ 1949 පෙබරවාරී මස 04 වෙනි දින වර්තමාන පාසල පිහිටි අති රමණීය භූමි භාගය වෙත ගෙන එන ලදී. එතැන් සිට සීඝ්‍රයෙන් දියුණුවට පත් මෙම විදුහල 1957 ජනවාරී 20 වෙනි දින ජ්‍යෙෂ්ඨ පාඨෂාලාවක් බවට පත් කරන ලද අතර “රාජසිංහ මහා විද්‍යාලය” නමින් එතැන් පටන් කටයුතු කලේය.එතැන් සිට 1987 සැප්තැම්බර් මස 01 දින “පන්විල පර්ෂද මූලස්ථ මහා විද්‍යාලය” ක් බවට පත්කරන ලදී . එම උසස් මට්ටම වනතුරු පාසලේ විදුහල්පති වරුන් වශයෙන් පිළිවෙලින්, ටී.ඩබ්.පි.තිලකරත්න මයා , ආර්.එම්.පි.රත්නායක මයා, එම්.ඩබ්.වික්‍රමතිලක මයා , ජි.බි.එදිරිසිංහ මයා , එම්.බී.නවරත්න මයා , සුගතපාල හේරත් මයා , යූ.බී.පලිහමඩන මයා , එල්.එල්.ජයසිංහ මයා හා ආර්.ආර්.පී.ඩබ්.රණසිංහ බණ්ඩ මයා යන මහත්වරු කැපවීමකින් කටයුතු කළ නිසාම අද පවතින තත්වය කරා මෙම විද්‍යාලය ගෙන ඒමට හැකියාව ලැබුණී.

පන්විල පර්ෂද මූලස්ථය වශයෙන් මෙම විදුහල ප්‍රගතිය කරගෙන යදමෙහි ලා නියාමක වූ එම්.ටී.නන්දසේන මුණවීර විදුහල්පතිතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා පන්විල උප දිසාපති කොට්ඨාසය තුළ ජාතික පාසල් මට්ටමට වැඩිදියුණු කළයුතු පාසැලක් වශයෙන් තෝරාගන්නා ලදී. මෙහිදී මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පාලිත ඇල්කඩුව මැතිතුමාගේත් පන්විල ප්‍රාදේශීය සභාවේ ලේකම් ටී.බී.හේරත් මැතිතුමාගේ අනුග්‍රහය මහත් පිටු බලයක් විය. විදුහල වැඩි දියුණු කිරීමේ පියවර වශයෙන් ගොඩනැගිලි , ජල පහසුකම් හා වෙනත් භෞතික සම්පත් හෝ අඩුව ලබා දීම සදහා කටයුතු එවකට සිටි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඩී.ආර්.බී.රත්නායක මැතිතුත් , මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍ය යූ.බී. හේරත් මැතිතුමාත්, වත්තේගම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජී.අත්තනායක මැතිතුමාන් දුන් සහයෝගය අති මහත්‍ වේ.

මෙම පාසලට වසර සියය සම්පූඑණ වන විට පළමු වසරේ සිට 13 වෙනි වසර දක්වා පංතිකාමර 33 ක් පැවැත්මිණි. එමෙන්ම සිසුන් 1177 ක් ඉගෙනුම ලබා ඇති අතර ඉතා දක්ෂ පළපුරුදු ගුරු මහත්ම මහතිමීන් 51 දෙනෙකුගෙන් සමන්විත විය. විදුහලේ අධ්‍යාපන කටයුතු ඉතා උසස් මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති අතර තවදුරටත් විධිමත් කිරීමට පරිපාලන ව්‍යුහය නවීකරණය කොට නියෝජ්‍ය විදුහල්පතිවරු දෙදෙනෙක් හා ප්‍රාථමික අංශභාර විදුහල්පතිවරයෙක් ද පත්කර ඇත. අදාළ විෂය මාලාව යටතේ පත්කර ඇති විෂය ප්‍රධානීන් , විෂය කමිටු ක්‍රියාත්මක කිරීම තුළින් නිරන්තරයෙන් අධ්‍යාපන්න ප්‍රගතිය සමාලෝචනය කරනු ලැබේ.ප්‍රතිකාර්‍ය ඉගැවීම් ක්‍රම තුළින් දුර්වල සිසුන් දිරිමත් කිරීමට කටයුතු කෙරේ.

වර්තමානය (2024) වනවිට කලා, වාණිජ හා තාක්ෂණවේදය යන විෂය ධාරාවන් අ.පො.ස. උසස් පෙළ පංතිවල ඉගැන්වෙන අතර සිසුන් ඉතා උද්‍යෝගයෙන් අධ්‍යයන කටයුතුවල නිරත වේ. තවද විශ්වවිද්‍යාල වරම් ලැබීමට ද අප පාසලේ සිසුන් සමත්ව ඇත.

විද්‍යාලයේ සෞන්දර්‍ය අධ්‍යාපනය යටතේ නැටුම්, සංගීත , චිත්‍ර හා නාට්‍ය හා රංග කලාව යන විෂයයන් 6 වන ශ්‍රේණියේ 11 වන ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් සිදුකරනු ලබන අතර ඒ සෑම අංශයකම කැපී පෙනෙන දියුණුවක් දක්නට ලැබේ.සමස්ත ලංකා , මධ්‍යම පළාත් හා කලාප ජයග්‍රහණ ලබා ගනිමින් පාසලට විශාල කීර්තියක් අත්පත් කරදීමට සමත්වී ඇත.

තාක්ෂණය යටතේ තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ඉදිකිරීම් තාක්ෂණය, කෘෂි තාක්ෂණය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව , ජෛව පද්ධති තාක්ෂණවේදය, නව නිපැයුම් ආදී විෂයයන් ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබයි. සිසුන්ගේ විවිධ හැකියාවන් කළ එලි දක්වමින් 2023 වර්ෂයේ අති සාර්ථක විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.

තවද ක්‍රීඩා ගුරුතුමියගේ අධීක්ෂණය යටතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විවිධ ක්‍රීඩා ක්‍රිකට්, බොක්සිං, නෙට්බෝල්, වොලිබෝල්, කරාතේ හා මලල ක්‍රීඩා ආදිය්‍ය පුහුණු වීම් කටයුතු සිදු කරනු ලබයි. මේ සඳහා බාහිර පුහුණු කරුවන්ගේද සහාය ද ලබා ගනියි.එමෙන්ම විෂයය සමගාමි ක්‍රියාකාරකම් ලෙස පරිසර නියමු වැඩසටහන, බාල දක්ෂ වැඩසටහන , ශිෂ්‍යබට බාලක බාලිකා හා ශිෂ්‍යබට බාලක තූර්‍යවාදක කණ්ඩායම අප පාසලේ ක්‍රියාත්මක කෙරේ.

වර්තමානය(2024) වන විට අප පාසල ජාතික පාසලක් බවට පත්වී තිබීම අප සියළු දෙනා ලද විශාල ජයග්‍රහණයකි.අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය සියලු  පහසුකම් අප විද්‍යාලයේ ඇත. විද්‍යාගාරයේ , පුස්තකාල , ක්‍රීඩාපිටි , පරිගණක පහසුකම් ආදියෙන් සමන්විත අප පාසල පන්විල නගරයේ පිහිටි දීප්තිමත් පාසලකි.  

ආරම්භ කළ වර්ෂය

1907 සැප්තැම්බර් 05

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

107

මුල් ගුරුතුමාගේ නම

ඒ.එච්.රුද්‍රිගු මයා

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

පන්විල පිරිමි පාඨශාලාව

පාසල භාරව කටයුතු කිරීම

ඒ.එච්.රුද්‍රිගු මයා

පාසල රජයට පවරාගත් දිනය

 

පාසල පැවැත්වූ ස්ථානය

පන්විල නගරයේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1907 සැප්තැම්බර් 07 දින