ජය ජය සිරිනි දිනේවා
විදුහල් මෑණි දයා //
කිත්සිරියෙන් ගුණයෙන් නුවණින් හෙබි
හෙළයන් සදනට දිරිවඩනා ආදර මවුනි දයා //
ජය ජය සිරිනි දිනේවා
විදුහල් මෑණි දයා //
ඔබ අප ආලෝකේ
ඔබමය අප ජීවේ
බැති මල් පුදලා
ගුණ ගීත ගයා
පා පිණිපා කරමු //
පන්විල රජසිහ මැදි මහ විදුහල් මෑණි
සැරදේවා //





