කන්ද උඩරට , මනරම් හුන්නස්ගිරි කඳුපාමුල වසර 117 ක අභිමානවත් ප්‍රෞඩත්වයෙන් යුතුව , හෙළ ලක් මවට විශිෂ්ටයන් දායාද කිරීමේ මහඟු කාර්‍ය්‍යේ නියැලෙමින් ක්‍රමක්‍රමයෙන් තම මාවතේ විජයග්‍රහණයන් සනිටුහන් කරගනිමින් , වත්මනෙහි ජාතික පාසලක් බවට පත්ව ඇති රාජසිංහ විදුමාතාව , අදටත් මධ්‍යම පළාතේ සුවිශේෂී යුග මෙහෙවරක් ඉටුකරන විදුබිම් අතර තම මෙහෙවර නොපිරිහෙලා ඉටු කරමින් ඉදිරියටම ගමන්ගන්නේ අභිමානවත් අයුරිනි.
ආත්ම විශ්වාසයෙන් හා නිපුණතාවයෙන් පෝෂිත සදාචාරාත්මක පරපුරක් බිහිකිරීම.
අනාගතය විනිවිද දැක,ජයගත්ත හැකි හැකියාවන්ගෙන් හා කුසලතාවයන්ගෙන් පරිපුන්,යහපත් සාරධර්ම අගයන තමන්ටත් ,සමාජයටත්,රටටත් වැඩදායී පූර්ණ පුරවැසියෙකු බිහි කිරීම අපේ මෙහෙවරයි.